හැටන් අනතුරේ බස් රියදුරා රිමාන්ඩ්

තිදෙනෙකුට මරු කැඳවූ හැටන් අනතුරේ බස් රියදුරා රිමාන්ඩ්

by Staff writer 22-12-2024 | 5:51 PM

COLOMBO(News 1st) -

හැටන්, මල්ලියප්පුවේ සිදුවූ අනතුරු සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස් රථ රියැදුරා ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ  සැකකරු ප්‍රතිකාර ලබන රෝහල වෙත පැමිණි වැඩබලන මහෙස්ත්‍රාත්වරයා, වෛද්‍යවරුන්ගෙන් සැකකාර රියැදුරුගේ තත්ත්වය පිළිබද කරුණු විමසීමෙන් අනතුරුවයි.

මේ අතර සිදුවූ අනතුරට අදාළ බස් රථයේ සවිකර තිබූ CCTV දර්ශන මකා ඇති බවට අනාවරණය වී තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව දත්ත ගබඩා පද්ධතිය මොරටුව විශ්වවිද්‍යාලයට යොමු කරන බවයි.

බස් රථයේ රියැදුරු ජංගම දුරකතනය භාවිත කරමින්, බස් රථය ධාවනය කර ඇති බවට මේ වනවිට කරුණු අනාවරණය වී තිබේ.

පොලීසිය පවසන්නේ, කොන්දොස්තරවරයාගේ ජංගම දුරකතනය, රියදුරු භාවිත කර ඇති බවයි.