හැටන් බස් අනතුරේ බස් රථය තුළ CCTV මකා දමලා

හැටන් හීදී අනතුරට ලක්වූ බස් රථයේ ඇතුළත CCTV දර්ශන මකා දමලා - පොලීසිය

by Staff writer 22-12-2024 | 12:31 PM

COLOMBO (News 1st) - හැටන් මල්ලියප්පුවේ සිදුවූ අනතුරට අදාළ බස් රථයේ සවිකර තිබූ CCTV දර්ශන මකා ඇති බවට අනාවරණය වී තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව දත්ත ගබඩා පද්ධතිය මොරටුව විශ්වවිද්‍යාලයට යොමු කරන බවයි.

බස් රථයේ රියදුරු ජංගම දුරකතනය භාවිත කරමින්, බස් රථය ධාවනය කර ඇති බවට මේ වන විට කරුණු අනාවරණය වී ඇත.

පොලීසිය පවසන්නේ, කොන්දොස්තරවරයාගේ ජංගම දුරකතනය, රියදුරු භාවිත කර ඇති බවයි.