ඒ ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර බෝඩර් ගවස්කාර් කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයයි.
අද, පළමු දිනයේ බොහෝදෙනාගේ අවදානය දිනා ගත්තේ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ආරම්භක පිතිකරු, 19 හැවිරිදි නවක ක්‍රීඩක සෑම් කොන්ස්ටස් ය.
කාසියේ වාසිය හිමිකර ගත් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ඔහු සමග ඉනිම ආරම්භ කළේ උස්මාන් කවාජා.
ජස්ප්‍රිට් බුම්රා අද යැවූ සිව්වැනි පන්දු වාරයේදී සෑම් කොන්ස්ටස් දර්ශනීය හයේ පහරක් එල්ල කළේ ය.
පිතිකරුවෙකු බුම්රාගේ පන්දුවකට මෙලෙස හයේ පහරක් එල්ල කළේ දින 1445කට පසුවයි.
මින් පෙර ඔහු යැවූ පන්දු 4483ටම කිසිදු හයේ පහරක් එල්ල වී නැහැ.
කොන්ස්ටස් ලකුණු 27ක් රැස් කරගෙන සිටියදී විරාත් කෝලිගෙන් මෙබඳු ප්‍රතිචාරයක් ලැබුණි.
සෑම් කොන්ස්ටස් සහ ක්‍රීඩා ලෝලීන් වත්මන් ක්‍රිකට් පිටිය තුළ රජු ලෙස හදුන්වන කෝලිගේ මේ ගැටීම සමාජ මාධ්‍ය සහ ක්‍රීඩා විචාරකයින් අතර කතාබහට ලක්විය.
කෙසේ වෙතත් කිසිදු මානසික පසුබෑමක් පෙන්නුම් නොකළ සෑම් කොන්ස්ටස් පන්දු 64කින් ලකුණු 60ක් රැස් කළේ පළමු ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරමින් ය.
අද තරගය නතර කරන විට ඔස්ට්‍රේලියාව පළමු ඉනිමට කඩුළු 6ක් දැවී ලකුණු 311ක් රැස් කරගෙන සිටියේ ය.