ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විශ්‍රාම යයි...

ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විශ්‍රාම යයි...

by Staff writer 31-12-2024 | 6:31 PM

COLOMBO (News1st) - ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (31) පස්වරුවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරෙන් විශ්‍රාම ගත්තේ ය.

ඔහුට සමුදීමේ ත්‍රිවිධ හමුදා උත්තමාචාරය අද පස්වරුවේ පිරිනැමුණේ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය පිහිටි කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේදීයි.

1984 කැඩෙට් නිලධාරියෙකු ලෙස යුද හමුදාවට එක්වූ ශවේන්ද්‍ර සිල්වා මහතා ගජබා රෙජිමේන්තුවට බඳවා ගත් ප්‍රථම නිලධාරියායි.

සක්‍රිය සේවයේ වැඩිම පදක්කම් ලාභියා වන ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකා හමුදාව මෙතෙක් බිහිකළ ලාබාලතම අණදෙන නිලධාරියාද වේ.

විජයග්‍රාහී 58 වන සේනාංකයට සහ කමාන්ඩෝ බලසේනාවට අණදෙමින් “වන්නි මානුෂීය මෙහෙයුම” තුළ ත්‍රස්තවාදයෙන් මව්බිම මුදාගැනීමට පෙරමුණ ගෙන කටයුතු කළ සෙන්පතීන් අතර ද ඔහු සුවිශේෂී අයෙක්.