ද. කොරියානු ජනපති ගැන අධිකරණයෙන් තීරණයක්

දෝෂාභියෝගයකින් ධුරය අහිමි වූ දකුණු කොරියානු ජනපති අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවකට එරට අධිකරණයේ අනුමැතිය

by Staff writer 31-12-2024 | 8:02 AM

COLOMBO (News 1st) - දෝෂාභියෝගයක් හේතුවෙන් සිය ධුරය අහිමි වූ දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවකට එරට අධිකරණය විසින් අනුමැතිය ලබාදී තිබේ.

ඔහුට සිය ධුරය අහිමි වුණේ, පසුගිය දෙසැම්බර් 3 වැනි දා යුධ නීතිය පැනවීමට ගත් තීරණය සම්බන්ධයෙන් ගෙන ආ දෝෂාභියෝගයකින් පරාජයට පත්වීමෙනි.

ජනපතිගේ රාජකාරී අත්හිටුවීමෙන් අනතුරුව එරට අග්‍රාමාත්‍යවරයා, වැඩබලන ජනපති ලෙස පත් කෙරුණි.

කෙසේ නමුත් ඔහුට එරෙහිව ද විපක්ෂය ගෙන ආ දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවේදී සම්මත විය.

ඉන් අනතුරුව වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත් කෙරුණේ, එරට මුදල් සහ ආරථික කටයුතු පිළිබඳ අමාත්‍යවරයායි.