රජයේ මුද්‍රණාලයේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

by Staff writer 31-12-2024 | 8:48 AM

COLOMBO (News 1st) - රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරුක දමුණුපොළ මහතා සඳහන් කළේ, කිසියම් පුද්ගලයෙකු මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් පිවිස ඇති බවයි.

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වෙඩි අඩවියට අදාළ නොවන කිසියම් දෙයක් පළ කිරීමෙන් ඒ බව නිරීක්ෂණය වී ඇති බව ඔහු පැවසුවේ ය.

කෙසේවෙතත් මේ වනවිට ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන්.

එමෙන්ම ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ නිලධාරීන් කණ්ඩායමක් කඩිනමින් එම ස්ථානයට යැවීමට ද පියවර ගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරුක දමුණුපොළ මහතා පැවසීය.