අනිවාර්ය වූ හමුදා සේවය...

මියන්මාර හමුදා පාලනය,එරට තරුණ තරුණියන්ට හමුදා සේවය අනිවාර්ය කරයි..

by Haindu Gihan 11-02-2024 | 7:52 AM

COLOMBO (News 1st) - මියන්මාරයේ හමුදා පාලනය, එරට සියලුම තරුණ තරුණියන්ට හමුදා සේවයේ නිරත වීම අනිවාර්ය කර තිබේ.

ඒ , මේ වන විට මියන්මාරයේ ඇතැම් ප්‍රදේශවල පාලන බලය සඳහා සටන් කරන සන්නද්ධ කැරළිකාර හමුදා පාලනය කිරීමේ අරමුණින්. 

ඒ අනුව වයස අවුරුදු 18ත් 28ත් අතර සියලුම තරුණ තරුණයින් වසර දෙකක් හමුදා සේවයේ නිරත වීම අනිවාර්යයි. 

ඊට අනුගත නොවන පුද්ගලයින් සඳහා වසර 5ක සිර දඬුවමක් හිමි වනු ඇත.

2021 වසරේදී කුමන්ත්‍රණයක් හරහා මියන්මාර හමුදාව එරට පාලන බලය අල්ලා ගැනීමට සමත් විය.

මේ වන විට රටේ ප්‍රදේශ රැසක ඊට එරෙහිව සටන් වදින සන්නද්ධ කණ්ඩායම් ගණන ඉහළ ගොස් තිබේ.