ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන එක්දින තරගාවලිය අද ඇරඹේ

ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන එක්දින තරගාවලිය අද ඇරඹේ..

by Staff writer 09-02-2024 | 9:47 AM

COLOMBO (News 1st) – සංචාරක ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර එක්දින ක්‍රිකට් තරගාවලිය අද(09) ආරම්භ වෙයි. 

දෙරට අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද පැවැත්වෙන්නේ මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ය.

කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට චරිත් අසලංක, පැතුම් නිස්සංක, වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර සහ මහීෂ් තීක්ෂණ වැනි ප්‍රබල ක්‍රීඩකයින් ඇතුළත් ය.

ඇෆ්ගනිස්ථාන සංචිතයේ නායකත්වය හෂ්මතුල්ලා ශහීඩිට හිමිව ඇති අතර රහ්මනුල්ලා ගුර්බාස්, රහ්මට් ෂා, ඊබ්‍රහීම් සද්රාන් ගුලබ්ඩින් නයිබ්, මොහොමඩ් නබී වැනි දක්ෂ ක්‍රීඩකයින්ද ඊට ඇතුළත්ව සිටී. 

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය එක්දින ජාත්‍යන්තර තරග බිමේදී 12 වරක් මුණ ගැසී ඇති අතර අවස්ථා 7කදී ශ්‍රී ලංකාව ජය ගත් අතර, අවස්ථා 4කදී ඇෆ්ගනිස්ථානය ජය ගත්තේ ය.

දෙරට අතර අද තරගය පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි.