යුක්‍රේන ජනපතිගේ තීරණය...

රුසියාව සමග ඇති ගැටුම් අවසන් කිරීමට නම්, අමෙරිකාව තම රටේ ආරක්ෂාව සහතික කළ යුතුයි. - යුක්‍රේන ජනපති

by Staff writer 06-01-2025 | 4:16 PM

COLOMBO (News 1st) - රුසියාව සමග ගැටුම් අවසන් කිරීමට නම් තම රටේ ආරක්ෂාව අමෙරිකාව සහතික කළ යුතු බව, යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඒ සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරණයෙන් තේරි පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් පසු සාකච්ඡා කිරීමට සූදානම් බවයි .

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුද්ධය අවසන් කිරීම සඳහා උනන්දුවක් නොදක්වන බව යුක්‍රේන ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ඔහු අවධාරණය කරන්නේ මෙම ගැටුම් විසඳාගත හැක්කේ අමෙරිකාවේ මැදිහත් වීමෙන් පමණක් බවයි.