2025 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට...

2025 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට...

by Staff writer 09-01-2025 | 1:26 PM

COLOMBO (News 1st) - 2025 වසර සඳහා වූ අයවැය හෙවත් විසර්ජන පනත් කෙටුම්පත අද(09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.

ඒ, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසිනි.

අදාළ පනත් කෙටුම්පත දෙවන වර කියවීම පෙබරවාරි මස එහි දෙවන වර කියවීම පෙබරවාරි මස 17 වන දින සිදු කිරීමට නියමිතයි.

ඒ අනුව දෙවන වර කියවීමේ විවාදය පෙබරවාරී මස 18 සිට පෙබරවාරි මස 25 වන දින දක්වා පැවැත්වෙන අතර දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙන්නේ 25 වන දින පස්වරුවේදීයි.

පෙබරවාරි මස 27 සිට මාර්තු මස 21 වන දින දක්වා කාලය තුළ කාරක සභා අවස්ථාව විවාදය හෙවත් අයවැය තෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.  

අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම මාර්තු මස 21 වන දින පස්වරුවේ පැවැත්වෙනු ඇති.

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අලුතින් නාමයෝජනා කැඳවීමට අදාළ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධි විධාන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.

මේ එම විවාදයට එක්වූ මහාචාර්ය චන්දන අබේරත්න, නීතිඥ රාවුෆ් හකීම් සහ බිමල් රත්නායක යන මැති අමැතිවරුන්ය.