සහල් ආනයනයට දී තිබූ කාලය අදින් අවසන්..

සහල් ආනයනයට දී තිබූ කාලය අදින් අවසන්..

by Staff writer 10-01-2025 | 7:02 AM

COLOMBO (News 1st) - සහල් ආනයනයට දී තිබූ කාලය අද(10) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.

වෙළෙඳ පාරිභෝගික හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය ප්‍රකාශ කළේ එම කාලයෙන් අනතුරුව දිවයිනට ළඟා වන සහල් තොග හරවා යවන බවයි.

මේ අතර, සහල් ආනයනට දුන් අවස්ථාව යොදා  උපයෝගි කර ගනිමින් මේ වනවිට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික් ටොන් එක් ලක්ෂ 25,000 කට අධික ප්‍රමාණයක් ආනයනය කර තිබේ.

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ මැදිහත්වීමෙන් දිවයිනට ආනයනය කළ සහල් තොගයේ බර මෙට්‍රික් ටොන් 5000කි.