විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් පුද්ගලයින් 13 දෙනෙකුද අතුරුදන් ව ඇති බවයි.
කලාපය පුරා සුළං වර්ධනය වෙමින් පවතින අතර එය ඉදිරි දිනවලදීද වඩාත් වර්ධනය විය හැකි බව විදෙස් මාධ්‍යවල දැක්වෙයි.
එය මේ වනවිට නැගෙනහිර ප්‍රදේශය පුරා පැතිර යමින් පවතින බවද සඳහන් ය.
පැලිසේඩ්ස් ගින්නෙන් මේ වන විට 11%ක් පාලනය කර තිබේ.
එමෙන්ම පැලිසේඩ්ස් ගින්න මැඩපැවැත්වීම සඳහා දැනටමත් 14,000ක් වන සිටින කාර්ය මණ්ඩලයට එක්වීමට මෙක්සිකෝවේ ගිනි නිවන භටයින් ද ලොස් ඇන්ජලීස් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
හටගත් ලැව්ගිනි මැඩපැවැත්වීම සඳහා ගුවන් යානා 70කට වැඩි ප්‍රමාණයක් සහ ගිනි නිවන රථ 1,600කට වැඩි ප්‍රමාණයක් ද යොදාගෙන ඇති බව අමෙරිකානු මාධ්‍ය වාර්තා කර තිබේ.
මේ අතර, අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් හී ලැව්ගිනි පාලනය කිරීම සඳහා යුක්රේනයද සිය සහය ලබා දීමට තීරණය කර තිබේ.
යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලේන්ස්කි x පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරේ යුක්රේන ගිනි නිවන භටයින් ලැව් ගිනි නිවීම සඳහා පිටත් කිරීමට සූදානම් බවයි .
ඒ අනුව යුක්රේන ගිනි නිවන භටයින් 150 දෙනෙකු අමෙරිකාවට පිටත් කර හැරීමට නියමිතයි.
මේ අතර, කැනඩාව සහ මෙක්සිකෝව ද සිය ගිනි නිවන කණ්ඩායම් ලොස් ඇන්ජලීස් වෙත යොමු කර තිබේ.
ඒ අනුව මේ වනවිට සමස්ත ගිනි නිවන භටයින් 14,000කට වඩා වැඩි පිරිසක් ගින්න පාලනය කිරීම සඳහා එක්ව තිබේ.
වැඩි අවධානයක් යොමු කර ඇත්තේ අලුතින් ආරම්භ වන ගිනි, හැකි ඉක්මිනින් පාලනය කිරීම සඳහාය.
මේ වනවිට අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් හී ලැව්ගිනි හේතුවෙන් ලක්ෂ ගණනක් පීඩාවට පත්ව ඇති අතර 16 දෙනෙකු මිය ගොස් තිබේ.