ඔහු සඳහන් කළේ, අදාළ පිරිස ප්‍රදේශයේ විහාරස්ථානයක රඳවා සිටින බවයි.
ඇද හැලෙන අධික වැසි සමග ගල්ඔයේ ඛාදනවී ඇති ඉවුරු බිඳී ජලය පිටාර ගැලීමේ අවධානමක් පවතින බවද දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.
ඔහු පැවසුවේ මේ හේතුවෙන් ගංවතුර තත්ත්වයක්ද ඇතිවිය හැකි බවයි.
කොට වෙහෙර ප්‍රදේශයෙන් ගල්ඔයේ ඉවුරු යළිත් ඛාදනයට ලක්ව ඇත.
ඒ හේතුවෙන් වගා ජලය ගෙනයන ඉපිල් ඇලේ කොටසකට දැඩි හානි සිදු විය.
ගල්ඔයට සමාන්තර මාර්ගයේ කොටසක්ද ඉවරු ඛාදනය හේතුවෙන් විනාශ වී තිබේ.
ගොවීන් පවසන්නේ මේ හේතුවෙන් තම වගාවන් සඳහා ජලය ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි.
ප්‍රදේශවාසීන්
''ඉස්සර වතුර ගලාගෙන යනකොට කවදාවත් අපේ ඉඩම්වලින් හෝදගෙන ගියේ නෑ නේ.හැරිල්ලේ විනාසෙන් තමා මේ ගඟ මෙච්චර විනාසේ. දරාගන්න බෑ ඇත්තවශයෙන්ම.අපි කුඹුරු කරලා තියෙන්නේ පල්ලෙහා ඒවා දැන් පීදෙනවා. අපිට පිළිසරණක් නෑ කාගෙවත්. ++ එක පැයකට ඉඟිණියාවේ ස්පීල් එක ඇරියා නම් මේක යනවා බලන් ඉද්දි දිඩි බිඩි ගාලා වැටෙනවා. මේක විසඳලා දෙන්න කියලා බැගෑපත්ව ඉල්ලා සිටිනවා.''
ප්‍රදේශවාසීන්
'' කලින් අඩි ගාණක් උඩින් ගියපු ගඟ දැන් අඩි විස්සට වැඩිය ගැඹුරයි. බැගෑපත්ව කියනවා ගඟ කෙලින් කරලා දෙන්න''
අම්පාර ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු පිරිසක් මෙම ස්ථානය නිරීක්ෂණය කිරීමට පැමිණ සිටියේ ය.
මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයාත් අද මාධ්‍ය හමුවක් කැඳවිය.
චින්තක අබේවික්‍රම
අම්පාර දිස්ත්‍රික් ලේකම්
''ඇද හැලෙන වර්ෂාව නිසා තමයි ගල්ඔය ගඟේ ජල මට්ටම වැඩිවෙලා තියෙන්නේ' ඒ වගේම තමයි ගල් ඔය වගේ තියෙන ඉවර කාදනය සිද්ධ වෙලා තියෙනවා. ශ්‍රී ලංකා යුද හමුදාවේ 24 සේනාංකය ඒ වගේම අම්පාර ප්‍රාදේශීය ලේකම් ඇතුළු කණ්ඩායමත් ඒ වගේම ආපදා කළමනාකරන නිලධාරීන් අපි ගිහිල්ල බැලුවා එතන. ගංගාව ඛාදනය වෙච්ච ආකාරය බැලුවහම ඒක අපිට වැලි කොට්ට ගහලා ඒක තාවකාලිකව නතර කර ගැනීමේ හැකියාවක් නෑ. මොකද ඒ තරම් විශාල ප්‍රමාණයක් ගගේ ඉවුර ඛාදනය වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ වෙලාවෙදි අපිට එක විකල්පයක් හැටියට අපි දකින්නේ ගඟේ අනිත් පැත්තේ එකතුවෙලා තියෙන වැලි නිදි යම් ආකාරයකට කැපා හැරීමක් කරලා ගඟේ වතුර පාර ඉවුරේ වදින එක නතර කරගත්තොත් අපිට යම් මට්ටමකට ගංගාව මේ බන්ට් එකෙන් කැඩීම නතර කරගන්න පුළුවන් වෙයි කියලා අපි උපකල්පනය කරනවා. කෙසේ වෙතත් අපි සියලූ දෙනා ප්‍රාදේශීය ලේකම් ඇතුළු කණ්ඩායම් මේ වෙලාවේ සූදානමින් ඉන්නවා යම් ආකාරයකින් ගඟේ ඉවුර කඩාගෙන ගියොත් සේනානායකපුර සාමපුර කියන වසංදෙකේ ඒ වගේම සුදු ඇල්ල ප්‍රදේශයේ පවුල්වලට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න. අපි දැනටමත් ප්‍රාදේශීය ලේකම්තුමාට අම්පාරේ උපදෙස් දීලා තියෙනවා ගෙවල් වල ඉන්න වයෝවෘද්ධ ඒ වගේම විශේෂ අවශ්‍යතා සහිත ආබාධිතව අයව හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථානවලට ඒ අයව යොමු කරගන්න කියලා ඒ වගේම අපි සියලු දෙනා සූදානමින් ඉන්නවා''
මේ අවදානම මතුවීමේ හැකියාව සම්බන්ධයෙන් අප අවස්ථා රැසකදී වාර්තා කළේ ය.
ආසන්න දිනය වන්නේ 2024 ජනවාරි මාසයේ ඇදහැලු වැසි සමග ඉපිල් ඇල කැඩීයාමයි.
ගොවි සංවිධාන පවසන්නේ තාවකාලික විසඳුම් ඉදිරිපත් කළත් නිසි විසඳුමක් නොලැබීමෙ නිසා මේ තත්ත්වය උද්ගතව ඇති බවයි.