අදත් පළාත් කිහිපයකට මිලිමීටර් 100කට වැඩි තද වැසි..

අදත් පළාත් කිහිපයකට මිලිමීටර් 100කට වැඩි තද වැසි...

by Staff writer 15-01-2025 | 6:47 AM

COLOMBO (News 1st) - නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් අද(15) දිනයේ මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, උතුරු, නැගෙනහිර, උතුරු මැද, වයඹ හා ඌව පළාත්වලත් මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 30 ත් 40 ත් දක්වා තද සුළං ඇතිවිය හැකි බවයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශ වළාකුලින් බරව පවතින බව ද කාලගුණ අණාවැකියේ සඳහන් විය.