ඉරාන විනිසුරුවරුන් දෙදෙනෙකුට වෙඩි

ඉරාන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කෙරේ.

by Staff writer 18-01-2025 | 10:23 PM

COLOMBO (News1st) - ඉරාන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ටෙහෙරාන් නුවර ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමෙන් තවත් විනිසුරුවරයෙකු බරපතළ තුවාල ලබා ඇති බවයි.

වෙඩි තැබීමෙන් පසු ප්‍රහාරකයා සියදිවි හානිකරගෙන තිබේ.