COLOMBO (News 1st) - දෝෂාභියෝගයකින් ධුරයෙන් පහ කළ දකුණු කොරියානු හිටපු ජනපති යූන් සොක් යෝල් අත්අඩංගුවට ගෙන තිබේ.
බී. බී.සි පුවත් සේවය වාර්තා කළේ, යූන් සොක් යෝල් රැගත් රථ කිහිපයක් ඔහුගේ නිවසින් පිටව ගිය බවයි.
අද(15) උදෑසන යුන් සොක් යෝල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ක්‍රියාත්මක කිරීම සඳහා දෙවනවරටත් විමර්ශකයින් ඔහුගේ නිල නිවසට ඇතුළු විය.
ඒ සඳහා නිලධාරීන් 3,200කට ආසන්න සංඛ්‍යාවක් ඔහුගේ නිවසට යොමු කර තිබුණි.
එහිදී ඔහුගේ අධාරකරුවන් සහ පොලීසිය අතර ගැටුම් ඇති වූ අතර පුද්ගලයෙකු ද තුවාල ලබා තිබේ.
ඉන් අනතුරුව යූන් සුක් යෝල්ගේ ආරක්ෂක සේවයේ නියෝජ්‍ය ප්‍රධානියා වන කිම් සුං හූන් ද අත්අඩංගුවට ගැනීමට පියවර ගත්තේ ය.
ඒ, යූන් සුක් යෝල් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ චෝදනා මතයි.
පසුගිය 31වැනි දා දෝෂාභියෝගයක් හේතුවෙන් සිය ධුරය අහිමි වූ දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවකට එරට අධිකරණය අනුමැතිය ලබා දුන්නේ ය.
ඔහුට සිය ධුරය අහිමි වුණේ පසුගිය දෙසැම්බර් 3 වැනි දා යුධ නීතිය පැනවීමට ගත් තීරණය සම්බන්ධයෙන් ගෙන ආ දෝෂාභියෝගයකින් පරාජයට පත්වීමෙනි.
ජනපතිගේ රාජකාරී අත්හිටුවීමෙන් අනතුරුව, එරට අග්‍රාමාත්‍යවරයා, වැඩබලන ජනපති ලෙස පත් කෙරුණි.
කෙසේ නමුත් ඔහුට එරෙහිව ද විපක්ෂය ගෙන ආ දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවේදී සම්මත විය.
ඉන් අනතුරුව වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත් කෙරුණේ, එරට මුදල් සහ ආරථික කටයුතු පිළිබඳ අමාත්‍යවරයායි.