COLOMBO (News 1st) - ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් රැඳවියන් කිහිපදෙනෙකු තුවාල ලබා තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක මහතා පැවසුවේ, ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි.
අදාළ රැඳවියන් දෙදෙනා මේ වනවිට ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇත.
බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලීසිය කැඳවීමට පියවර ගත් බව ද ඔහු සඳහන් කළේ ය.
පොලීසිය පැවසුවේ, කරාපිටිය රෝහලට ද විශේෂ ආරක්ෂාවක් සැපයීමට පියවර ගෙන ඇති බවයි.
ගැටුමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.