COLOMBO (News 1st) - මහ වැස්සෙදීත්,සැඩ ගංවතුරෙදිත්,ජීවිත පරදුවට තියා දිවි සරිකරගන්න වෙර දරන මිනිස්සු
දිරාපත්වුණ බෝට්ටුවකින්, ජීවිත අවදානමේ හෙළා අකුරකරන දරුවන් අදටත් ඉන්නවා දුෂ්කර ගම්මානවල දුක් විඳින මිනිස්සු.
මරණ සහතිකය අතේ තියන් දිරච්ච බෝට්ටුවකින් ලොග්ගල්ලාඔය තරණය කරන මිනිස්සු ගම්මැද්ද කණ්ඩායමට හමුවුණේ බදුල්ල රිදීමාලියද්ද ප්රාදේශීය ලේකම් කොට්ඨාසයෙන්.
පින්නගොල්ලො ඉඳලා බලගොල්ලට තියෙන්නේ පේන දුරක් උනත් යන්න එන්න පාලමක් නෑ.
ලොග්ගල්ලාඔය පිරිණු දාට දරුවන්ට පාසලට යන්නවත් ලෙඩකට දුකකට බෙහෙත් ගන්නවත් මේ මිනිස්සුන්ට යන්න එන්න විදියක් නෑ.
පවුල් 200 ක මිනිස්සු අන්ත අසරණයි
බදුල්ල දිස්ත්රික්කයේ සංචාරය කරන ගම්මැද්ද කණ්ඩායම දැවටගොල්ල, ගුරුපීල්ල ගම්මානවල සංචාරය කරන්නත් අමතක කලේ නැහැ.
මඩකලපුව දිස්ත්රික්කයේ කලවංචිකුඩි කුරුමන්වේලි ගම්මානයට යන්න තියෙන්නෙත් පාලම්පාරුවක්.
මඩකලපුව ඔන්දාච්චිමඩම් ධීවර ජනතාවත් ඔවුන්ගේ රැකියාව කරන්නේ ප්රශ්න කරදර ගොඩක් මැද.
වෙල්ලාවලි ,මණ්ඩූර් ,ආනියාකට්ටිවෙලි ,ඔල්ලිමඩු ගම්මාන රැසක ගම්මැද්ද කණ්ඩායම් ගමන් කළා.
කුරුණෑගල ගිරිබාව ගම්මු ගැහැණු පිරිමි බේදයක් නැතුව රෑට ගත කරන්නේ පැල්වල.
වන අලින්ගෙන් වගාවන් ආරක්ෂා කරන්න.
ගිරිබෑව ,සංගප්පාලිය, ගම්පොල, අලියාවැටුණුවැව, පාලුගම මේ හැම ගමකම ගැටලු ගම්මු ගම්මැද්දට කිව්වා.
හක්මන දෙනගම ගමේ ගම්මු ඉල්ලුවේ පිපාසයට පිරිසිදු වතුර.
හක්මන, දෙනගම, තුන්දොල ගම්මානවලත් ජන හඬට ගම්මැද්ද සාමාජිකයන් සවන් දුන්නා.
හෙට ගම්මැද්ද ගෙයින් ගෙට 19 වැනි දවස.
පේරාදෙණිය සරසවියේ විද්යාරතයින් එක්ක ගම්මැද්ද කණ්ඩායම් සූනමම් හෙටත් ගෙයින් ගෙට යන්න.