පොල්මද හා වියළන කුරුට්ට සහිත පොල් ආනයනයට අනුමැතිය

පොල් මද හා වියළන ලද කුරුට්ට සහිත පොල් ආනයනයට කැබිනට් අනුමැතිය..

by Staff writer 05-02-2025 | 6:05 PM

COLOMBO (News1st )-පොල් ගෙඩි මිලියන 200කට සමාන ධාරිතාවකින් යුත් පොල් මද ආශ්‍රිත නිෂ්පාදන , පොල් තෙල් නිෂ්පාදනය සඳහා වියළන ලද කුරුට්ට සහිත පොල් ආනයනයට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.  

මෙරට පොල් නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් දේශීය පාරිභෝජනය සඳහා වෙළෙඳපොළේ උද්ගත වී ඇති පොල් හිඟයට විසඳුමක් ලෙස තාවකාලිකව දේශීය පොලේ අස්වනු වැඩි ප්‍රමාණයක් යොදා ගැනීමට හැකි වන පරිදි මෙම පොල් ආනයනය කිරීමට නියමිතයි.

ශීත කළ පොල් මද හා කැබලි කර වියළන ලද කුරුට්ට සහිත පොල් , පොල් කිරි හා පිටි කළ පොල් කිරි,  දිසිදි පොල් ආනයනයට අදාළව මේ වන විට මාර්ගෝපදේශ සකස් කර තිබේ.  

ඒ , කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පොල් පර්යේෂණ ආයතනය, පොල් සංවර්ධන අධිකාරිය, ශාක නිරෝධායන සේවය සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය එක්වයි.

එම මාර්ගෝපදේශ අනුගමනය කරමින් මෙම පොල් ආනයනය කිරිමට කැබිනට් අනුමැතිය හිමිවිය.