කොටහේනේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට...

කොටහේනේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට...

by Staff writer 10-02-2025 | 8:42 PM

COLOMBO (News 1st)- කොටහේන බෙනඩික් මාවතේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ, යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා පලාගොස් ඇති බවයි.

මෙලෙස වෙඩි තබා ඇත්තේ ත්‍රිරෝද රථයක් අසල රැදී සිටි පුද්ගලයෙකුටයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 43 හැවිරිදි පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් අනතුරු මියගොස් ඇත.

වෙඩික්කරුවන් සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.