![sample image](https://cdn.newsfirst.lk/assets/NEWS-LOGO-Recovered%20(1).webp)
COLOMBO (News 1st) - ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයේ දෙවැනි අදයි.
ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන්නේ, එරට ජනාධිපති මොහොමඩ් බින් සයෙද් අල් නහ්යන් මහතාගේ ආරාධනයකට අනුවය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස ඊයේ(10) පස්වරුවේ ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ළඟා විය.
එහිදී ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ වෙළඳ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය තානි බින් අහමඩ් අල් සෙයුඩි මහතා ඇතුළු රාජ්‍ය නියෝජිතයන් විසින් මහත් හරසරින් පිළිගනු ලැබීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, මාස්ටර් ඉන්වෙස්ට්මන්ට් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී සහ රාස් අල් කයිමාහි පාලකවරයාගේ බෑණනුවන් වන ෂෙයික් අබ්දුල්ලා බින් මොහොමඩ් අල් කාසිමි හමුවුණි.
එහිදී ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ආර්ථික හා ආයෝජන සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කෙර තිබේ.
අනතුරුව, ජනාධිපතිවරයා ඩුබායිහි පිහිටා ඇති සුප්‍රසිද්ධ අනාගත කෞතුකාගාරයේ පැවැත්වෙන ‘TIME 100 Gala Dinner’ රාත්‍රී භෝජන සංග්‍රහයට ද සහභාගී වුණි.
මෙම සංචාරයේ දී ජනාධිපතිවරයා ඩුබායිහි පැවැත්වෙන 2025 ලෝක රාජ්‍ය සමුළුව ඇමතීමට නියමිතව ඇත.
ඊට එක්වන රටවල් කිහිපයක රාජ්‍ය නායකයින් සමග ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතයි.
තොරතුරු තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය, බලශක්ති, සංචාරක, මූල්‍ය සහ ජනමාධ්‍ය යන අංශවල ප්‍රමුඛපෙළේ ගෝලීය සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් හමුවීම ද ජනාධිපතිවරයාගේ සංචාරයේ ප්‍රමුඛ අංගයකි.
එම සාකච්ඡා පැවැත්වෙන්නේ, ශ්‍රී ලංකාවට නව ආයෝජන අවස්ථා උදාකර ගැනීමේ අරමුණින්ය.
එක්සත් අරාබි එමීර් ජනාධිපතිවරයා, උපජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග ද ජනාධිපතිවරයා සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
මීය අමතරව ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වන රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු සමග ද ජනාධිපතිවරයා සාකච්ඡා පවත්වන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ ය.
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ද මෙම සංචාරයට එක්ව සිටි.
සංචාරය අවසන් කරමින්, ජනාධිපතිවරයා යළි දිවයිනට පැමිණෙන්නේ ලබන 13 වැනි දායි.