![sample image](https://cdn.newsfirst.lk/assets/NEWS-LOGO-Recovered%20(1).webp)
COLOMBO (News 1st) - කොටහේන බෙනඩික් මාවතේ ඊයේ(10) රාත්‍රී සිදු වූ වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ පූකුඩු කන්නා නැමැති මත්ද්‍රව්‍ය ජවාරම්කරුගේ ගෝලයකු බව පොලීසිය පවසයි.
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, කුඩු සෙල්වි නැමැති කාන්තාවගේ පාර්ශ්වය විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.
ත්‍රීරෝද රථයක් අසළ රැඳී සිටි පුද්ගලයෙකුට, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් T-56 වර්ගයේ ගිනිඅවියක් භාවිත කරමින් එම වෙඩිතැබීම සිදු කර ඇත.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වුණි.
එලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණේ, කොළඹ 13 ජම්පටාවීදිය ප්‍රදේශයේ පදිංචිව සිටි කැනිස්ටන් නේටෝ නමැති පුද්ගලයෙකි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ, සිද්ධිය පිළිබඳ විමර්ශනය කිරීම සදහා කොළඹ අපරාධ කොට්ඨාසය ඇතුළු පොලිස් කණ්ඩායම් 04 ක් යොදවා ඇති බවයි.
අදාළ වෙඩි තැබීම අසළ තිබූ වෙළෙඳසැලක කැමරාවේ ද සටහන්ව තිබුණි.