අතුරුදන් වූ කොස්තාපල්ට අනුබල දුන් අයෙක් අත්අඩංගුවට

ගිනි අවිය සමග අතුරුදන් වූ කොස්තාපල්ට ආධාර අනුබල දුන් බව කියන ගල්කිස්සේ පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

by Staff writer 11-02-2025 | 11:01 AM

COLOMBO (News1st) - ගල්කිස්ස පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

T56 ගිනි අවියක් සමග අතුරුදන් වූ පොලිස් කොස්තාපල්වරයාට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ, 28 හැවිරිදි ගලපිටමඩ පදිංචිකරුවෙකි.

T56 රාජකාරි ගිනි අවිය සමග අතුරුදන් වූ සැකකාර කොස්තාපල්වරයා එදිනම ඩුබායි රාජ්‍යයට පළාගොස් ඇති බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇත.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා, පසුගිය 8 වැනි දා පස්වරු 5.30 ට පමණ රාජකාරී ගිනි අවිය ද සමග පිටව ගොස් ඇත්තේ, සවස 6.00 සිට උදෑසන 6.00 දක්වා සේවා මුරයට අදාළ රාජකාරී වෙනුවෙන්.

කෙසේ වෙතත්, ඔහු නියමිත රාජකාරී ස්ථානයේ නොමැති බවට ලද තොරතුරකට අනුව විමර්ශන ආරම්භ කර තිබු බව පොලීසිය සඳහන් කළේ ය.

සැකකාර කොස්තාපල්වරයා රැගෙන ගිය ගිනි අවිය සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.