වී අලෙවි මණ්ඩල පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

1971 අංක 14 දරණ වී අලෙවි මණ්ඩල පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

by Staff writer 11-02-2025 | 4:09 PM

COLOMBO (News 1st) - 1971 අංක 14 දරණ වී අලෙවි මණ්ඩල පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල  අනුමැතිය හිමිව තිබේ.

ඒ, අවිධිමත් ලෙස වී සහ සහල් තොග රැස්කිරීම හා ගබඩා කිරීම නියාමනය කිරීම පිණිස බලපත්‍ර ක්‍රමයක් හදුන්වාදීමට අදාළවයි.

යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ, කෘෂිකර්ම හා පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසිනි.

වී අලෙවි මණ්ඩල පනත පනවා වසර 54 ක් ගත වී ඇති නමුත්, ඒ සඳහා කිසිඳු සංශෝධනයක් සිදුනොකර, යාවත්කාලීන නොවු පනතක් වශයෙන් ක්‍රියාත්මක වෙමින් පැවති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.