මිද්දෙණියේ ත්‍රිපුද්ගල ඝාතනයට තිදෙනෙකු අත්අඩංගුවට.

මිද්දෙණියේ ත්‍රිපුද්ගල ඝාතනයට තිදෙනෙකු අත්අඩංගුවට..

by Staff writer 21-02-2025 | 10:41 AM

COLOMBO (News 1st) - මිද්දෙණියේදී අරුණ විදානගමගේ හෙවත් මීගස්ආරේ කජ්ජා සහ ඔහුගේ දරු දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද(21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවේ, ඉන් එක් අයෙකු පොලිස් නිලධාරියෙකු බවයි.

ඝාතනය කෙරුණු තිදෙනාගේ දේහයන් මිද්දෙණියේ කුඩගල්ආර ප්‍රදේශයේ නිවසක තැන්පත් කර ඇත.

ඔවුන්ගේ අවසන් කටයුතු හෙට(22) සිදු කිරීමට නියමිතයි.

අරුණ, පසුගිය 18 වෙනිදා මැදමුලනේ පිහිටි සිය බිරිදගේ මව්පියන්ගේ නිවසේ සිට තෝරකොලයායේ තාවකාලිකව ලැගුම් ගෙන සිටි ස්ථානය වෙත දරුවන් තිදෙනා සමග යතුරු පැදියෙන් පිටත්ව ගොස් තිබුණි.

ඔහු ගල්පොත්තයායේදී වැඩිමහල් පිරිමි දරුවා ආහාර මිලදී ගැනීම සඳහා රාත්‍රී හෝටලයක් වෙත යවා අනෙක් දරුවන් දෙදෙනා සමග පිටත්ව ගිය අවස්ථාවේ මිද්දෙණිය කඩේවත්ත මංසන්ධියේදී වෙඩි ප්‍රහාරයකට ලක් විය.