.webp)
COLOMBO (News 1st) -
අනුරාධපුර නගරයේදී බස් රථයක් ගිනි ගැනීමෙන් පුද්ගලයෙකු මිය ගියේය.මෙලෙස ගිනිගැනීමට ලක්වූයේ ඇඹිලිපිටියේ සිට වන්දනාවේ පැමිණි පිරිසක් රැගත් බස් රථයක්.
ජේතවනාරාමය අසල විශ්‍රාම ශාලාවක් ආසන්නයේ මෙම ගින්න ඇති වී තිබුණේ අද (22) අළුයමයි.
ඇඹිලිපිටියේ සිට වන්දනාවේ පැමිණි පිරිසක් රැගත් බස් රථයේ සිටි පුද්ගලයෙකු ගින්නට හසුවී මිය ගියේ ය.
මරණකරු වයස අවුරුදු 55 ක් පමණ වන ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අනුරාධපුර නගර සභා ගිනි නිවිමේ ඒකකය, අනුරාධපුර පොලිසිය හා උඩමළුව පොලිසිය එක්ව ගින්න මැඩ පවත්වීමට උත්සාහ කළත්, ගින්නෙන් බස් රථයට දැඩි හානි සිදුවිය.