මිද්දෙණිය ඝාතනයේ තවත් සැකකරුවක් අත්අඩංගුවට

මිද්දෙණිය ත්‍රිපුද්ගල ඝාතනය සම්බන්ධයෙන් සැකපිට තවත් අයෙක් අත්අඩංගුවට...

by Staff writer 23-02-2025 | 11:49 AM

COLOMBO (News 1st) - මිද්දෙණිය ත්‍රිපුද්ගල ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, වීරකැටිය තෙලඹුයාය ප්‍රදේශයේදී තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරී කණ්ඩායමක් විසිනි.

ඔහුගේ වයස, අවුරුදු 29 ක්.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අතරට පොලිස් කොස්තාපල්වරයෙකු ද ඇතුළත්.

මිද්දෙණිය කඩේවත්ත මංසන්ධියේදී එම වෙඩි තැබීම සිදුවූයේ, පසුගිය 18 වැනිදායි.