.webp)
විදෙස් මාධ්‍ය වාර්තා කළේ දුම්රියේ මගීන් 400 කට අධික පිරිසක් සිටින බවයි.
කැරලිකරුවන්, මගින් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා තබාගෙන ඇතැයිද සඳහන්.
ප්‍රාණ ඇපකරුවන්ගෙන් බහුතරයක් පකිස්ථාන හමුදා සාමාජිකයින් බව විදෙස් වාර්තා පවසයි.
ඔවුන්ගෙන් 6 දෙනෙකු මේ වනවිට ඝාතනය කර තිබේ.
තමන්ට විරුද්ධව හමුදා මෙහෙයුමක් දියත් කළහොත් ප්‍රාණ ඇපකරුවන් සියලුම දෙනා ඝාතනය කරන බවට ඔවුන් අනතුරු අඟවයි.
බලුකිස්ථාන් ප්‍රාන්තයේ සිට කයිබර් පක්තුන්ක්වා දෙසට එම දුම්රිය ධාවනය කර ඇති අතර කැරලිකරුවන් විසින් දුම්රිය මාර්ගය පුපුරුවා දුම්රිය සිය ග්‍රහණයට ගෙන ඇත.
කෙසේ වෙතත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඕනෑම හමුදා ආක්‍රමණයකට ඒ හා සමාන ප්‍රතිප්‍රහාර එල්ල වනු ඇති බවයි.
බලුච් විමුක්ති හමුදාව යනු පකිස්ථානයෙන් බලුකිස්තානයට නිදහස අපේක්ෂා කරමින් සංවිධානය වූ කැරලිකරුවන් කණ්ඩායමකි.