පොල් පැළ ලක්ෂ 4ක් අඩු ආදායම්ලාභී පවුල් වෙත

පොල් පැළ ලක්ෂ 4ක් අඩු ආදායම්ලාභී පවුල් වෙත බෙදා දීමට රජයේ තීරණයක්

by Staff writer 12-03-2025 | 9:33 AM

COLOMBO (News1st) - පොල් පැළ ලක්ෂ 4 ක් අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ දෙකක් අතරේ බෙදා දීමට රජය තීරණය කර තිබේ.

පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා සඳහන් කළේ, එක් පවුලකට පොල් පැළ දෙකක් නොමිලේ මේ යටතේ බෙදා දෙන බවයි.

මේ වසරේදී පොල් පැළ ලක්ෂ 25ක් රෝපණය කිරීමට රජය සැලසුම් කර ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.