.webp)
ඒ, මීට පෙර ඇතිකර ගෙන තිබු අනුමැතීන්ට යටත්ව යි.
අදානි ග්‍රීන් එනර්ජි ශ්‍රී ලංකා සමාගම දන්වා ඇත්තේ අති නවීන තාක්ෂණයෙන් අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත් ඊට අනුබද්ධිත සම්ප්‍රේෂණ පද්ධතිය ද සංවර්ධනය කිරීමටත් තමන් අපේක්ෂා කළ බවයි.
වසර දෙකකට අධික කාලයක සාකච්ඡාවලින් අනතුරුව පුනර්ජනනීය බලශක්තිවල මිල ගණන්ද අනුමත වූ බව, එම සමාගම පවසයි.
ඔවුන් පෙන්වාදී ඇත්තේ, එම අනුමැතීන් ශ්‍රී ලංකා රජය පාර්ශ්වයෙන් නිල වශයෙන් සිදුවන තෙක් ඉවසීමෙන් බලා සිටින අතර කිසිදු ආකාරයක නිල සන්නිවේදනයක් සිදුනොවූ පසුබිමක මෙම ව්‍යාපෘතියෙන් ඉවත් වීමට තීරණය කළ බවයි.