.webp)
සිරස TV ප්‍රේක්ෂක ඔබට තිළිණ කරන ජාත්‍යන්තර අත්දැකීම දැන් තීරණාත්මක නොකවුට් වටයට ළඟවෙමින් තිබේ.
ඒ ලෝක වේදිකාව තුළද වාර්තා අලුත් කරමිනි.
The Voice Sri Lanka ඔස්සේ මෙරට තරුණ තරුණියන් දැක්වූ දක්ෂතා The Voice Global වේදිකාවේ මේ වනවිට වාර්තා අලුත් කරමින් තිබේ.
The Voice Global වේදිකාව තුළ එලෙස දක්ෂතා ප්‍රකට කළ රටවල් අතරින් ශ්‍රී ලංකාව, නෝර්වේ ඇතුලු ස්කැන්ඩිනේවියානු රටවල් සමග සම තත්ත්වයට පත්වෙමිනි.
රටවල් 180 කට අධික සංඛ්‍යාවක සාර්ථකව දියත් වන The Voice සන්නාමයේ මුල් ආකෘතියේ හිමිකාරීත්වය දරන MTV ආයතනයේ ජාත්‍යන්තර විධායක නිෂ්පාදක නෝෆා ජලීල් ඊයේ ස්ටයින් මැදිරි සංකීර්ණයට පැමිණියේ ය.
නෝෆා ජලීල් - ජාත්‍යන්තර විධායක නිෂ්පාදක
ද වොයිස් ග්ලෝබල්
''ඔබේ මැදිරිය ඉතා විශාලයි. ඒ වගේම භාවිත කරන තේමාවන් අති විශිෂ්ඨයි. රූපවාහිනි නිශ්පාදය ගත්තොත් ඒක තියෙන්නේ ඉතා ඉහළ මට්ටමක. ගුණාත්මකභාවය අතිනුත් ඒක අති විශිෂ්ඨයි.+++ෆින්ලන්තය, ඇමරිකාව, ප්‍රංශය, අසර්බයිජානය, නේපාලය වගේ අනෙකුත් රටවල් සමඟ අනුකූලව, බලද්දි මෙය විශිෂ්ටයි. සෑම හඬක්ම අද්විතීයයි, +++ ශ්‍රී ලංකාවේ එය විශේෂයෙන් වැදගත් වන්නේ විවිධ භාෂා, විවිධ හඬවල්, විවිධ සංස්කෘතීන්ගේ හොඳ මිශ්‍රණයක්, ඒ කියන්නේ නූතන හා සාම්ප්‍රදායික හොද මිශ්‍රණයක් සහිතව ඉදිරිපත් කිරීම් සිදු වෙනවා''
කිසිඳු රටක මෙතෙක් දක්නට නොලැබුණු අද්විතීය Voice Sri Lanka පසුතල නිර්මාණය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලාංකික නිමැවුමකි.
කෝච් මිහිඳු ආරියරත්න
ද වොයිස් ශ්‍රී ලංකා සීසන් 03
''හුඟක් ටැලන්ස් ඇත්තටම අපිට හම්බවෙලා තියෙනවා අලුත් වයිසස්, ඒ වගේම මට ලොකු ආඩම්බරයක් දැනෙනවා අලුත් වයිසර්ස් මේ ඉන්ඩස්ට්‍රී එකට අපිට groom කරන්න පුළුවන් වීම ගැන.''
කෝච් සුපුන් පෙරේරා
ද වොයිස් ශ්‍රී ලංකා සීසන් 03
''සීසන් එකක් විදිහට මම හිතන්නේ වැඩිම වාර ගණනක්, මම හිතන්නේ අඩුම එපිසෝඩ් ගානකින් වැඩිම වාර ගණනක් ග්ලෝබල් ගියපු සීසන් එකක් විදිහට මේ සීසන් එක අපිට කියන්න පුළුවන්''
කෝච් හිරුෂි ජයසේන
ද වොයිස් ශ්‍රී ලංකා සීසන් 03
''මම හිතන්නේ ටී ප්ලැට් ෆෝම් එකක global බැලුවම ඒකෙ තියෙන රික්වයිමන්ස් බැලුවම එතනදි අපි අනුගමනය කළ යුතු පිළිවෙතක් තියෙනවා. process එකක් තියෙනවා. හැම දෙයක්ම ඉගෙන ගනිමින් ඒක වගකීමක් ඇතුව කරන්න ඒක ලොකු වැඩක් මම හිතන්නේ ඒක සතුටට කරුණක්''
කෝච් රයිනි චාරුකා
ද වොයිස් ශ්‍රී ලංකා සීසන් 03
''හැමදාම අලුත් පරණ පුරුදුයි කියලා නැහැ නැහැ. චැලෙන්ජ් එකක් හැමඑකක්ම. මේ චැලෙන්ජ් එකත් භාර ගන්න මම ready දැන් අපි නොකවුඩ්ස් වල ඉන්නේ. i am really excited.
The Voice Sri Lanka Season 3 සති අන්තයේ රාත්‍රී 8.30 ට සිරස ටීවී ඔස්සේ ප්‍රේක්ෂක ඔබට නැරඹිය හැකියි.