.webp)
COLOMBO (News 1st) - ගම්මැද්දේ තවත් ව්‍යාපෘතියක් අද පුත්තලමේදී ආරම්භ විය.
ගමේ පිරිවර රැස්වෙලා ගමේ පාර දිගේ ගමන් කළේ ගම්මැද්ද වෙනුවෙනි.
පුත්තලම, ආණමඩුව මාමුණාගම තක්ෂිලා ප්‍රාථමික විද්‍යාලයටයි මේ තිළිණය ලැබෙන්නේ.
දරුවන්ගෙ තක්සලාව.
මවුපියෝ ගොවිතැනින් ජීවත් වෙන්නේ.
ඉස්කෝලෙ අඩුපාඩු ගොඩයි.
ලොකුම ප්‍රශ්නේ තිබහට වතුර නැති එක.
පුස්තකාලයක් හදාගන්න එකත් හීනයක් වෙලා තිබුණේ.
විදුහල්පතිවරයා මේ ගැටලුව ගම්මැද්දට ප්‍රකාශ කළේ ය.
ගම්මැද්දට -නෙක්ස්ට් මැනුෆැක්චරින් ආයතනයේ පූර්ණ සහයොගය ලැබුණි.
සිහිනය සැබෑ විය.
ගම්මැද්දේ මූලිකත්වයෙන් පුස්තකාල ගොඩනැගිල්ලකටවගේම ජල ව්‍යාපෘතියකටත් සුබ මොහොතින් මුල් ගල් තියන වෙලාවේ මහා සංඝරත්නය ආශිර්වාද කළේ ය.
ආණමඩුව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ පී එල් එම් චන්ද්‍රිකා, නෙක්ස්ට් මැනුෆැක්චරින් ආයතනයේ නිෂ්පාදන අධ්‍යක්ෂ ඩේවිඩ් රේ, එහි මානව සම්පත් සාමාන්‍යාධිකාරී භාරත අමරසිංහ, නවගත්තේගම ශාඛාවේ මානව සම්පත් කළමණාකරු නිරෝෂන් බණ්ඩාර, නිව්ස්ෆස්ට් ඩිජිටල් සහ නව මාධ්‍ය කළමණාකරු ජනිත මෙන්ඩිස්, ආණමඩුව සහකාර පොලිස් අධිකාරී සමන් ප්‍රියන්ත, මාමුණාගම තක්ෂිලා ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති කිත්සිරි විජේරත්න, ගම්මැද්ද මහලේකම් ප්‍රසන්න අතුකෝරල යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී විය.
ගමක් වෙනුවෙන් යමක් කරන්න තියෙනව නම්, ගම්මුන්ට සවියක් වෙමින් පැමිණෙන ගම්මැද්ද..
නුදුරු දිනක මේ ව්‍යාපෘතිය දරුවන්ට පවරනවා.
එදාටත් අපි එනවා.
ගම්මැද්ද - රට නගන ජන පවුර