පළාත් කිහිපයකට තද වැසි

පළාත් කිහිපයකට තද වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 17-03-2025 | 9:14 AM

COLOMBO (News 1st) -

බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත් වලට ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ට වැඩි වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොළොන්නරුව, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් තරමක වැසි ඇති විය හැකියි.

අකුණු අනතුරු අවම කරගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

ඇතැම් මුහුදු ප්‍රදේශ රළු විය හැකි බව ද, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.