.webp)
පොලීසිය සඳහන් කළේ, ඔහු මෝසමක් මගින් අධිකරණයේ පෙනී සිටීමට නියමිත බවයි.
ඉකුත් 2023 දෙසැම්බර් 31 වැනි දා මාතර, වැලිගම හෝටලයක් අසළ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු මියයාම සම්බන්ධයෙන් එවක වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු 08 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මාතර මහේස්ත්‍රාත් අධිකරණය පෙබරවාරි 28 වැනි දා වරෙන්තු නිකුත් කළේ ය.
අනතුරුව ඔහුට විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබිය.
කෙසේ වෙතත් දේශබන්දු තෙන්නකොන් මහතා අධිකරණය මග හැරීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලීසිය විශේෂ මෙහෙයුම් ආරම්භ කර තිබු අතර
දේශබන්දු තෙන්නකෝන් මහතා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කළේ, තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමිනි.
නමුත් එය ප්‍රතික්ෂේප කරමින් අභියාචානාධිකරණය පොලිස්පතිවරයා ඇතුළු පාර්ශ්ව 13කට නියෝග කළේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ තීන්දුවට අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
ඔහුට සැඟව සිටීමට සහය වූ පිරිස් පිළිබඳව ද නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද අභියාචනාධිකරණය පෙරේදා(17) නියෝග කළේ ය.
2023 වසරේ දෙසැම්බර් 31 වන දා මාතර, වැලිගම, පැලෑනේ පිහිටි ඩබ්ලිව් ෆිෆ්ටීන් නමැති හෝටලය ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිදුවීමට අදාළව විමර්ශනයක් සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව B වාර්තාවක් මගින් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේ පසුගිය පෙබරවාරි 27 වන දිනයි.
පවසයි.