.webp)
-588961.jpg)
ඒ මෙරට වේලාවෙන් දහවල් 12.30ට පමණ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙරට වේලාවෙන් සවස 2.30 සිට මධ්‍යම රාත්‍රිය වන තෙක් සමාන්‍ය ජනතාවට දේහයට ගෞරව දැක්වීම සඳහා අවස්ථාව පවතින බවයි.
මේ වනවිට ලොවපුරා විශාල පිරිසක් වතිකානයට රැස්වෙමින් සිටින අතර පාප්වහන්සේගේ දේහය අප්‍රේල් 26 වැනි සෙනසුරාදා මෙරට වේලාවෙන් පස්වරු 1.30ට මිහිදන් කිරීමට නියමිතයි.
අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්විම සඳහා අමෙරකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ මෙලානියා ට්‍රම්ප් වතිකාන නගරයට පැමිණෙන බව නිවේදනය කර තිබේ.
මේ අතර ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ද එහි පැමිණෙන බව තහවුරු කර ඇති අතර යුක්‍රේන ජනාධිපති වොලොදිමියර් සෙලෙන්ස්කි ද පැමිණීමට නියමිතයි.අවමංගල්‍ය උත්සවයට ලෝක නායකයින් සහ ආගමික නායකයින් විශාල ගණනක් සහභාගී වනු ඇති බවද විදෙස් වාර්තා සඳහන් කළේ ය
