.webp)
COLOMBO (News 1st) –
“සතුටින් සතොසින්” යන තේමාව යටතේ. අඩු ආදායම්ලාභි පවුල් සඳහා -කාලීන ආහාර පැකේජය- ලබා දීම අද ආරම්භ විය.
අප්‍රේල් 13 දක්වා එය ලබා දෙන්නේ උත්සව සමයේ ජනතාවට සහනයක් සැලසීමේ අරමුණින් ය.
අස්වැසුම පොරොත්තු ලේඛනයේ සිටින්නන්ටද මෙය ලබාදෙන අතර ලංකා සතොස සහ කෝප්ෆෙඩ් අලෙවිසැල්වලින් අද සිට ලබාගත හැකියි.
රුපියල් 5000ක් වටිනා ආහාර මල්ලක් රුපියල් 2500කට ලබාගැනීමට මේ යටතේ ඉඩ සකසා තිබේ.
අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසුවේ අස්වැසුම අලුත් අයදුම්කරුවන් අතරින්සුදුසු අයටද එය ලබා දෙන බවයි.