.webp)
COLOMBO ( News1st ) - අද(01) සිට ඉදිරි දින කිහිපයේදි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට හිතකර වායු ගෝලයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව මධ්‍යම , සබරගමුව , බස්නාහිර , දකුණු සහ ඌව පළාත් වලට මෙන්ම කුරුණෑගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකියි.
තද සුළං හා අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේය.