කොළඹ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

උත්සව සමය වෙනුවෙන් කොළඹ නගරයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

by Staff writer 01-04-2025 | 7:40 AM

COLOMBO ( News1st ) - උත්සව සමය වෙනුවෙන් කොළඹ නගරයේ ආරක්ෂාව තරකර ඇතැයි පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ කොළඹ නගරයේ ආරක්ෂාව සඳහා නිලධාරින් 6000ක් යොදවන බවයි.

පොලිසියට අමතරව යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකායද ආරක්ෂාව සදහා යෙදවනු ඇත.

යුද හමුදාව, මාර්ග බාධක රාජකාරි කටයුතු සඳහා යෙදවීමට නියමිත අතර පොලිසිය සිවිල් ඇදුමින් සහ ගිනි අවි අතැතිව ආරක්ෂක කටයුකු සඳහා යෙදවීමට නියමිතව තිබේ.

එසේම බුද්ධි තොරතුරු එක් රැස් කිරිම සදහා බුද්ධි නිලධාරින්ද යොදවනු ඇත.