පළාත් පාලන ඡන්දයට අදාළව අභියාචනාධිකරණයෙන් නියෝගයක්

පළාත් පාලන ඡන්දයට අදාළව අභියාචනාධිකරණයෙන් නියෝගයක්...

by Staff writer 01-04-2025 | 5:03 PM

COLOMBO (News 1st) –නාමයෝජනා ප්‍රතික්ෂේප කළ පළාත් පාලන ආයතන කිහිපයක ඡන්ද විමසීමට අදාළ ඉදිරි කටයුතු සිදුකිරීම හෙට දින තෙක් අත්හිටුවන්නැයි, අභියාචනාධිකරණය අද නියෝග කළේ ය.

ඒ, ඒ සම්බන්ධයෙන් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලූ අවස්ථාවේදී ය.

අභියාචනාධිකරණ වැඩ බලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.පී. ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අදාළ තේරීම් භාර නිලධාරීන්ට එම නියෝගය නිකුත් කළේ ය.

සිය නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව කොළඹ මහ නගර සභාව වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඇතුළු විවිධ පළාත් පාලන ආයතන සඳහා දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් එම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.