ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිලධාරීන් ජනපති හමුවෙයි

ජනපති සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරීන් අතර හමුවක්

by Staff writer 08-04-2025 | 9:42 PM

COLOMBO (News 1st) - ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරීන් පිරිසක් ජනාධිපති කාර්යාලයේදි අද (08) හමුවී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ශ්‍රී ලංකන් ගුවන් සමාගම වඩා ලාභදායි රාජ්‍ය ව්‍යාපාරයක් බවට පත් කිරීමට අදාළ යෝජනා පිළිබඳව එහිදී පුලුල් ලෙස සාකච්ඡා කළ බවයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ණය කළමණාකරණය සඳහා ගත හැකි කෙටිකාලීන සහ දිගු කාලීන විසඳුම් පිළිබඳව ද එහිදී අවධානය යොමුව ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ නව ආයෝජන අවස්ථා පිළිබඳව එහිදී සාකච්ඡා කළ බවයි.