මැතිවරණ කොමිසමෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙසක්

මැතිවරණ කොමිසමෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙසක්

by 3cs 09-04-2025 | 10:36 AM

COLOMBO (News 1st) - පළාත් පාලන ඡන්ද විමසීම ආශ්‍රිතව රාජ්‍ය දේපොළ අවභාවිතය සම්බන්ධයෙන් සියලු පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසම සියලු රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනු ලැබේ.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරුන් හා රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඊයේ (08) දැනුවත් කළ බවයි.

රාජ්‍ය දේපොළ අවභාවිතය වැළැක්වීම සඳහා උපමාන මේ වනවිට ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.