ඝාතනයක විමර්ශන නොමග යැවූ කොස්තාපල්වරයෙක් කොටු

වව්නතිවු පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඝාතන සිද්ධියේ විමර්ශන නොමග යැවූ බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට..

by Staff writer 09-04-2025 | 6:24 PM

COLOMBO (News 1st)-කරදියනාරු ප්‍රදේශයේදී පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, 2018 වසරේ නොවැම්බර් 30 වැනිදා වව්නතිව් ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය සිද්ධියේ විමර්ශන නොමග යැවූ බව කියන සිද්ධියකට අදාළවයි.

එම ස්ථානයේ තිබී සොයා ගත් කබායක් LTTE සංවිධානයට අයත් එකක් බව කියමින්, සැකකාර පොලිස් කොස්තාපල්වරයා ප්‍රකාශ දීමෙන්, සිද්ධිය සම්බන්ධ විමර්ශන නොමග යවා ඇතැයි, පොලිසිය ප්‍රකාශ කළේ ය.

මඩකලපුව, වවුනතිව් ප්‍රදේශයේ මාර්ග බාධකයක සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් එලෙස ඝාතනයට ලක්විය.