පොලිස් භාරයේදී මියගිය තරුණයාගේ සිරුර ගැන නියෝගයක්

වැලිකඩ පොලිස් භාරයේ සිටියදි මිය ගිය තරුණයාගේ සිරුර යළි ගොඩ ගන්නැයි නියෝග..

by Staff writer 09-04-2025 | 5:37 PM

COLOMBO (News 1st)-වැලිකඩ පොලිස් භාරයේ සිටියදි මිය ගිය තරුණයාගේ සිරුර යළි ගොඩ ගන්නැයි, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අධිකරණය කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයාට නියෝග කර ඇත්තේ, පශ්චාත් මරණ පරික්ෂණය යළි පවත්වන ලෙසයි.

මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වන ලෙස වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේ ය.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා උපදෙස් දී ඇත්තේ, විමර්ශනයේ අතුරු වාර්තාවක් ලබන 25 වැනි දිනට පෙර තමන් වෙත ඉදිරිපත් කරන ලෙසයි.

වැලිකඩ පොලිස් අත් අඩංගුවේ සිටියදී එලෙස මියගියේ මීගහකිවුල, පහළගෙදර පදිංචි 26 හැවිරිදි තරුණයෙකි.