.webp)
සැකකරුට ඇප නියම කරමින් මහේස්ත්රාත්වරයා අවවාද කර සිටියේ, නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමක් සම්බන්ධව කරුණු ඉදිරිපත් වුවහොත් දැඩි නෛතික ක්රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.
2023 වසරේ දෙසැම්බර් 31 වනදා මාතර වැලිගම ප්රදේශයේ ඩබ්ලිව් 15 හෝටලය තුළ සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධව වරෙන්තු නිකුත් වී සිටි පොලිස්පති දේශබන්දු තෙණ්නකොන් මහතා ඉකුත් මාර්තු 19 වැනිදා ඔහුගේ නීතීඥවරුන් මාර්ගයෙන් මෝෂන් පත්රයක් ගොනු කරමින් මාතර මහේස්ත්රාත් අධිකරණය හමුවට භාර විය.
එදින සිට රක්ෂිත බන්ධනාගාරයේ සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද පෙරවරුවේ මාතර මහේස්ත්රාත් අධිකරණයට රැගෙන එනු ලැබුවේ දැඩි ආරක්ෂක රැකවල් මැදයි.