මත්ද්‍රව්‍ය තොගයක් සමග තිදෙනෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය තොගයක් සමග ලාංකිකයින් තිදෙනෙක් අත්අඩංගුවට...

by Staff writer 14-04-2025 | 5:30 PM

COLOMBO (News 1st) - කුෂ් සහ හශීස් මත්ද්‍රව්‍ය තොගයක් සමග ශ්‍රී ලාංකිකයින් තුන්දෙනෙකු, ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන නිලධාරීන් විසින්  අත්අඩංගුවට ගෙන තිබේ.

රේගුව පැවසුවේ අදාළ මගීන් තිදෙනා බැංකොක් සිට අද (14) පෙරවරුවේ මෙරටට පැමිණ ඇති අතර සැකකරුවන් රේගු පරිශ්‍රය පසුකර යාමට උත්සාහ කිරීමේදී ඔවුන් නවතා පරීක්ෂා කිරීමට රේගු නිලධාරීන් කටයුතු කර ඇති බවයි.

එහිදී ඔවුන්ගේ ගමන් බෑග තුළ තිබූ බිස්කට් සහ චිප්ස් බෑග් තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකිව තිබේ.

සොයාගන්නා ලද මත්ද්‍රව්‍ය තොගය අතුරින් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 616ක් සහ හශීස් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 762ක් රේගු නිලධාරීන් භාරයට ගෙන ඇති බව සඳහන්.

මත්ද්‍රව්‍ය තොගයේ මුළු වටිනාකම රුපියල් මිලියන 45කට ආසන්න බවද රේගුව පැවසුවේ ය.

සැකකරුවන් අතුරින් දෙදෙනෙක් කොළඹ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් වන අතර අනෙකු පුද්ගලයා බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.