.webp)
පොලීසිය පැවසුවේ, අවහිරයකින් තොරව වන්දනා කටයුතු කරගැනීමට හැකිවන පරිදි බැතිමතුන් පැමිණෙන වාහන සංඛ්‍යාව ගණනය කරගැනීම සඳහා මෙම ස්ටිකරය හඳුන්වා දුන් බවයි.
සෑම පොලිස් වසමකම පිහිටුවා ඇති මහජන ආරක්ෂක කමිටු සම්බන්ධීකරණය කර ගනිමින් දළදා වන්දනාවට පිටව යන වාහන වෙත අදාළ ස්ටිකරය නිකුත් කරන ලෙස පොලිස් ස්ථානාධිපතිවරුන්ට මේවනවිටත් දැනුම් දී ඇති බවද පොලීසිය පැවසුවේ ය.
ඒ අනුව බැතිමතුන් පැමිණෙන වාහන සංඛ්‍යාවන් පිළිබඳ පූර්ව තොරතුරු ලබාගෙන, එම එක් එක් වාහන සඳහා එක් ස්ටිකරය බැගින් අදාළ පොලිස් ස්ථානාධිපතිවරයාගේ අත්සන හා නිළ මුද්‍රාව සහිතව නිකුත් කරනු ඇතී.
කෙසේ වෙතත් හඳුන්වා දුන් නව ස්ටිකරය නොමැතිව වුවද බැතිමතුන්ට ශ්‍රී දළදා වන්දනාව සඳහා පැමිණිය හැකි බව පොලීසිය වැඩිදුරටත් පවසයි.