.webp)
ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන ටී. එච් .ආර් .ටී .චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ අද සිට 21 වෙනිදා දක්වා මගී අවශ්‍යතාව පරිදි අතිරේක බස් රථ ධාවනයට ද සැලසුම් කර ඇති බවයි.
ඒ අනුව කොළඹ, මහරගම හා කඩවත යන ප්‍රදේශ මූලික කර ගනිමින් එම ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වේ.
මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව ද සිංහල - දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ පැමිණීම සඳහා අද සිට විශේෂ දුම්රිය ධාවනයට එක් කර ඇත.
ඒ අනුව ගාල්ල, මහනුවර, අනුරාධපුරය හා කන්කසන්තුරය සිට එම ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වනු ඇති.