දළදා වන්දනාවට යන බැතිමතුන්ට පොලීසියෙන් නිවේදනයක්

අද (24) සහ හෙට (25) දළදා වන්දනාවට පැමිණීමෙන් වළකින්නැයි පොලීසියෙන් ඉල්ලීමක්...

by Staff writer 24-04-2025 | 9:45 AM

COLOMBO (News 1st) - සිරි දළදා වන්දනාව වෙනුවෙන් අද(24) සහ හෙට(25) මහනුවරට පැමිණීමෙන් වළකින ලෙස පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඒ, මේවන විටත් ලක්ෂ 4 කට අධික සැදැහැවතුන් පිරිසක් එහි පැමිණීම හේතුවෙන්.

පොලීසිය සඳහන් කරන්නේ, අද සහ හෙට දිනයන්හීදී සිරි දළදා වන්දනාව සඳහා එලෙස පැමිණසිටින පිරිස ප්‍රමාණවත් බවයි.

අපහසුතාවයකින් තොරව දළදා වන්දනාව සඳහා බැතිමතුන්ට අවස්ථාව ලබාදීම සඳහා මෙම තීරණය ගෙන ඇත.