.webp)
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේ, එරට සිටින සියලු පකිස්තාන ජාතිකයින් පැය 48 ක් ඇතුළත ඉන්දියාවෙන් පිටව යා යුතු බවයි.
වෛද්‍ය හේතු මත වීසා ලබාගත් පුද්ගලයින්ට රටින් පිටවීම සඳහා පැය 72 ක කාලයක් ලබාදී තිබේ.
සියලු ඉන්දියානුවන්ට, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය දැනුම් දෙන්නේ, හැකි ඉක්මනින් පකිස්තානයෙන් පිටව යන ලෙසයි.
පකිස්තානයේ සංචාරය කිරීමෙන් වළකින්නැයි ද, ඉන්දියාව සිය පුරවැසියන්ට දැනුම් දෙයි.
මේ අතර ජම්මු කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සියලු ත්‍රස්තවාදීන්ට හා අනුබල දුන් සියලුදෙනාට දැඩි දඬුවම් ලබාදෙන බව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අවධාරණය කළේ ය.
ඊට ප්‍රතිචාර දක්වමින් පකිස්තානය සඳහන් කළේ, ඇතැම් ඉන්දියානුවෙන් වෙනුවෙන් නිකුත් කළ වීසා ද,අවංලගු කරන බවයි.
මේ අතර ඉන්දියාව සමග සිදුකරන සියලු වෙළෙඳ කටයුතු අත්හිටුවන බව පකිස්තානය ද නිවේදනය කළේ ය.
පකිස්තාන අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ, ඉන්දීය හිමිකාරිත්වය දරන සහ ඉන්දීය පාලනය යටතේ පවතින සියලු ගුවන් යානා වලට සිය ගුවන් අවකාශය වසා දමන බවයි.
පසුගිය අඟහරුවාදා කාශ්මීරයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගියේ ය.
තුවාල ලැබූ සංඛ්‍යාව, 17 කි.