සිරි දළදා වන්දනාව අද 8 වැනි දිනටත්..

ලෝකවාසී බෞද්ධ ජනතාව වෙනුවෙන් සිරි දළදා වන්දනාව අද 8 වැනි දිනටත්..

by Staff writer 25-04-2025 | 8:59 AM

COLOMBO (News 1st) - ලෝකවාසී බෞද්ධ ජනතාව වෙනුවෙන් සිරි දළදා වන්දනාව අද (25) 8 වැනි දිනටත් පැවැත්වේ.

පෙරවරු 11.00ට  ආරම්භ වන සිරි දළදා වන්දනාව පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිතයි.

කෙසේ වෙතත් සිරි දළදා වන්දනාව වෙනුවෙන් මහනුවරට පැමිණීමෙන් වළකින ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සඳහන් කළේ, මේ වනවිටත් ලක්ෂ 3 කට අධික සැදැහැවතුන් පිරිසක් මහනුවරට පැමිණ ඇති බවයි.

අද දිනයේත් සිරි දළදා වන්දනාව සඳහා එම පිරිස ප්‍රමාණවත් බව, ඔහු සැදැහැවතුන්ට දැනුම් දෙයි.

සිරි දළදා වන්දනාව ලබන 27 වැනිදා දක්වා පැවැත්වේ.

මේ අතර, සිරි දළදා වන්දනාවට පැමිණෙන සැදැහැවතුන් සිය සෞඛ්‍ය ආරක්ෂාව පිළිබද සැලකිලිමත් විය යුතු බව, සෞඛ්‍ය අංශ යළි දැනුම් දෙයි.

පෝළිමේ සිටින විට කළබලයට පත්‍ වීමෙන් තෙරපීම් සිදු විය හැකි බැවින් සැදැහැවතුන් ඒ පිළිබද විශේෂ අවධානයක් යොමු කළ යුතුයි.

හදිසි රෝගී තත්ත්වයක් පවතී නම් කඩිනමින් සෞඛ්‍ය අංශ සහය ලබාගැනීම, නිරන්තරයෙන්ම ජලය පානය කිරීම, සුදුසු බව සෞඛ්‍ය අංශ පවසයි.